Update : විමල් 24 දක්වා රිමාන්ඩ් (Video)

0

Update : 2017.01.10 - විමල් 24 දක්වා රිමාන්ඩ්

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහාධිකරණය අද නියෝග කළා.

Update : 2017.01.10 

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි.

Update : 2017.01.10 - 12.05 pm - විමල් වීරවංශ FCIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මීට ටික වේලාවකට පෙර මන්ත්‍රිවරයා එහි පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

විමල් විරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා මෙම චෝදනාවට අදාළව අවස්ථා කිහිපයකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබුණි.

Comments

comments